වසර 22ට පසු පාකිස්තානය ලද එක්දින තරගාවලි ජය


ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද (10දා) සමත් විය.

ඒ අද පැවති තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජයග්‍රහණය කරමින්.

පාකිස්තාන කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රෙලියාවේදී වසර 22ට පසු මෙලෙස තරගාවලියක් ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි.

අද පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්වාර 31යි පන්දු 05ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 140ක් රැස් කළේය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 143ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

මෙම ජයග්‍රහණයත් සමග තරගාවලිය තරග 2ට එකක් ලෙස ද පාකිස්තානය ජයග්‍රහණය කළේය.



Recommended Articles