වසර 13ක ඩිල්ෂාන්ගේ වාර්තාවක් පැතුම්ගේ නමට


එක් වර්ෂයක් තුළ ශ්‍රි ලංකාව වෙනුවෙන් විස්සයි20 පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා ලෙස වාර්තා අතරට පිවිසීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්සංක සමත්ව තිබේ.

ඒ් අනුව 2009 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් තරග 12කදි ලකුණු 471ක් රැස්කරමින් පිහිටුවා තිබූ වාර්තාව පැතුම් බිඳ හෙලා ඇත්තේ තරග 16කදී ලකුනු 491ක් රැස්කරමිනි.

ඒසේම නායක දසුන් ශානක තරග 16කදී ලකුණු 396ක් රැස්කරමින් මෙම සටහනේ සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

එක් වර්ෂයක් තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන්

 491 (තරග 16) - පැතුම් නිශ්සංක - 2022

471 (තරග 12) - තිලකරත්න ඩිල්ෂාන් - 2009

434(තරග 12) - කුමාර් සංගක්කාර - 2009

396 (තරග 16) - දසුන් ශානක - 2022

343 (තරග 09) - මහේල ජයවර්ධන - 2010



Recommended Articles