වනිඳු හා භානුක ඉදිරියට


ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති අවසන් මහ තරගයේදී වනිඳු හසරංග හා භානුක රාජපක්ෂ දැක්වූ දක්ෂතා අනුව ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණ තිබේ.

මේ අනුව වනිඳු විස්සයි20 පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානයට පත්ව ඇති අතර මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානයේ රැදී සිටියි. එසේම චාමික කරුණාරත්නද 41 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

මේ අතර පිතිකරුවන් අතරින් මුල් ස්ථාන 10 තුළ පසුවන එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ පැතුම් නිශ්ශංකයි. ඔහු8 වැනි ස්ථානයෙ රැදී සිටියි. භානුක රාජපක්ස 34 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. 



Recommended Articles