වනිඳුගේ ආරම්භය නිසා අපි කොදෙව්වන්ට ඔළුව උස්සන්න දුන්නේ නෑ


පළමු තරගයේදී වනිඳු හසරංග කණ්ඩායමට ලබාදුන් ආරම්භය තරගාවලිය වෙනස් කළ අවස්ථාව බවත් තමන්ට පන්දුවාර 10ක් යොමුකිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන බවත් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.

ඊයේ (02දා) පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

එසේම පසුගිය මාස කිහිපයේදී තමන් ශාරීරික සුවතාව පිළිබඳව වැඩි අවධානය යොමුකළ බවත් මෙම තරගාවලිය තමන් පිතිකරුවෙක් ලෙස අසාර්ථක වූ තරගාවලියක් බවත් ඔහු පැවැසීය.

 



Recommended Articles