වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි


තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා විස්සයි20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. වනිඳු විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය මාස 6කට ආසන්න කාලයක් දැරූ අතර ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ අදක්ෂ ක්‍රීඩා විලාශය හේතුවෙන් වනිඳුට දැඩි දෝෂාරෝපන එල්ල විය.

තමන් නායකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් හි යහපත වෙනුවෙන් ගත් තීරණයක් බවත් ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට තම උපරිමය ලබාදෙන බවත් වනිඳු සඳහන් කළේ යැයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලානයෙන් ඉක්මනින් ඉවත්වීම නායකයා ලෙස තමාටත් කණ්ඩායමටත් කනගාටුදායක සිදුවීමක් වූ  නමුත් තරගාවලිය වෙනුවෙන් වෙනුවෙන් හොඳම කණ්ඩායම තමන්ට ලබාදුන් බවත් වනිඳු පැවැසීය.

ශ්‍රී ලංකාව හසරංග යටතේ ක්‍රීඩා කළ විස්සයි20 තරග 10න් හයක්ම ජයගෙන තිබේ.

 



Recommended Articles