වනිදුගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක තියුණු ජයක්


සංචාරක බ.ඉ.කොදෙව් කණ්ඩායම පරදා පළමු එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම තරගය කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්විණි. කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 290 ක ඉලක්කය පන්දුවාර 49.1 කදී පසුකර යාමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිම අවසන් භාගයේදි අගනා පිතිහරඹයක යෙදෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය වනිඳු හසරංග නොදැවී ලකුනු 42 ක් රැස් කලේය. ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය. කොදෙව් ඉනිම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වු ඇලසාරි ජෝශප් කඩුළු 3 ක්දවා ලීය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුනු 289 ක් රැස් කළහ. කොදෙව් ඉනිමේ නියමුවා වූ ෂායි හෝප් ලකුණු 140 ක් රැස් කලේය.  ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉසුරු උදාන කඩුළු 3 ක් දවාලීය.

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුතු එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 26 වැනිදා හම්බන්තොටදී පැවැත්වේ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව 290/9 (පන්දුවාර 49.1)

දිමුත් කරුණාරත්න 52 (පන්දු 57, 4x7), අවිශ්ක ප්‍රනාන්දු 50 (පන්දු 55, 4x5, 6x1), වනිඳු හසරංග 42 (පන්දු 39, 4x4, 6x1), ඇලසාරි ජෝශප් 3/42 (පන්දුවාර 10), කීමෝ පෝල් 2/48 (පන්දුවාර 8.1)

බ.ඉ.කොදෙව් 289/7 (පන්දුවාර 50)

ෂායි හෝප් 115 (පන්දු 140, 4x10), රොස්ටන් චේස් 41 (පන්දු 45, 4x3,6x1), ඩැරන් බ්‍රාවෝ 41 (පන්දු 45, 4x3, 6x1), ඉසුරු උදාන 3/82 (පන්දුවාර 10), නුවන් ප්‍රදීප් 1/42 (පන්දුවාර 10)

ඡායාරූප- ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය



Recommended Articles