එක්දින පිටියේ ලකුණු 13000 සීමාව අඩුම ඉනිම සංඛ්‍යාවකින් පසුකළ ක්‍රීඩකයා බවට ලෝක වාර්තාවක් තබමින් ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි අද (11දා) වාර්තා අතරට එක්විය. ඒ ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්තානය සමගින් පැවැත්වෙන තරගයේදී සුපිරි ශතකයක්ද වාර්තා කරමිනි.
කෝලිට එක්දින ලකුණු 13000 සීමාව පසුකර යාමට අවශ්‍ය වූයේ එක්දින ඉනිම 267ක් පමණි. මීට පෙර එක්දින ලකුණු 13000 සීමාවට වේගයෙන්ම ළඟා වූ පිතිකරුවා වූයේ හිටපු ඉන්දීය නායක සචින් තෙන්ඩුල්කාර්ය. ඔහුට ඒ සඳහා ඉනිම 321ක් ගතවී තිබුණි.
එසේම එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු 13000 සීමාව පසුකර ගිය පස්වැනි පිතිකරුවා වන්නේද විරාත් කෝලිය.
එසේම කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ විරාත් කෝලි අවසන්වරට ක්‍රීඩා කර ඇති ඉනිම හතර තුළදීම ඔහු ශතකයන් වාර්තා කිරීමට සමත්ව තිබීමද වාර්තා සමකිරීමක් වෙයි.
එක්දින ලකුණු 13000 සීමාව පසුකළ ක්‍රීඩකයන්....
සචින් තෙන්ඩුල්කාර් - 18426
කුමාර් සංගක්කාර - 14234
රිකී පොන්ටින් - 13704
සනත් ජයසූරිය - 13430
විරාත් කෝලි - 13024*