ඉන්දියාවේදී ආරම්භවිමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වත්මන් නායක දසුන් ශානක වෙතම පැවැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.
ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ අවමන් සහගත පරාජයෙන් පසුව මේ වන විට සිය රිද්මයෙන් බැහැරව සිටින නායක දසුන් ශානකට විවේකයක් ලබාදිය යුතුව ඇතැයි බොහෝ දෙනෙක් පැවැසීය.
කෙසේ වෙතත් දසුන්ව තවදුරටත් නායකත්වයේ තබා ගැනීමට තීරණය කර ඇති අතර එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇතැයි වාර්තා වෙයි.