ලංකාවේ ඔලිම්පික් කමිටුව යළිත් සුරේෂ්ට


ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස යළිත් වරක් සුරේෂ් සුබ්‍රමනියම් මහතා එහි නිලවරණයෙන් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව 2022-2026 කාලය තුළදී යළිත් ඔහු ඔලිම්පික් කමිටු සභාපති වශයෙන් කටයුතු කරනු ඇත.

ඔහු හමුවේ පාලිත ප්‍රනාන්දු මහතා ඡන්ද 21-12ක් ලෙස පරාජයට පත්විය. මේ අතර හිටපු ලේකම් මැක්ස්වෙල්ද සිල්වා මහතාද යළිත් ඔලිම්පික් කමිටුවේ ලේකම් ලෙස පත්ව තිබේ.

සුරේෂ් සුබ්‍රමනියම් මහතා ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ උප සභාපති ලෙස කටයුතු කරයි.



Recommended Articles