ලංකාව පළමුවෙන්ම පන්දු රකියි - කණ්ඩායමේ ලොකු වෙනසක් නෑ


ඉන්දිය කණ්ඩායම සමගින් පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදිමට ඉන්දියාවට ආරාධනා කළේය.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩා කරන පළමු තරගය මෙය වෙයි. මෙම තරගයේදී කුසල් ජනිත් පෙරේරාට හා අසිත ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබීම හැරෙන්නට කණ්ඩායමේ විශාල වෙනසක් සිදුව නොමැත.

ශ්‍රී ලංකා කණ්ඩායම  - කුසල් මෙන්ඩිස්,පැතුම් නිශ්ශංක. කුසල් පෙරේරා. කමිඳු මෙන්ඩිස්. චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතිෂ පතිරණ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක



Recommended Articles