යුද හමුදාවේ ප්‍රභල ප්‍රහාරය හැව්ලොක් හමුවේ ව්‍යාර්ථ වේ


අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ තියුණු තරගයකින් යුද හමුදා කණ්ඩායම පරදා ජය ලැබීමට හැව්ලොක් සමත්විය. ඒ ලකුණු 45-42 ක් ලෙසිනි. මෙම තරගය කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසන් වද්දී යුද හමුදා ක්‍රීඩකයෝ ලකුනු 35-21 ක් ලෙසින් ඉදිරියට පැමිණියහ. කෙසේ වෙතත් දෙවැනි අර්ධය සම්පූර්ණයෙන් කණපිට පෙරළූ හැව්ලොක් ක්‍රීඩකයෝ එම අර්ධයේදී තවත් ලකුනු 24 ක් රැස් කලේ ප්‍රතිවාදීන් ලකුනු 7 කට පමණක් සීමා කරමිනි.


 

ඡායාරූප - ඕෂිත වරකපිටිය



Recommended Articles