ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ මිකී ආතර් හා තමන් අතර වැරදි වැටහීම් තිබුණ බව ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා පුහුණුකරු ධුරයට සමුදීමට නියමිත මීකී ආතර් පිළිබ ඳව සටහනක් සිය ට්විටරි ගිණුමෙන් තබමින භානුක මේ බව පවසයි.
කෙසේ වෙතත් තමන් හා පුහුණුකරු අතර තිබූ මෙම වැරදි වැටහීම් කළමනාකරණය කරමින් ඉදිරියට ගිය බවද භානුක සඳහන් කරයි. මීකී ආතර්ගේ අවංකභාවයට හා තමන්ට පෙන්වූ මග පෙන්වීමට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ඉදිරිය සාර්ථකවේවායැයි ප්‍රාර්ථනා කරන බවත් භානුක වැඩිදුරටත් පවසයි.
එයට පිළිතුරු දෙමින් මිකී ආතර් පවසන්නේ භානුක සමග වැඩ කිරීමට ලැබීම සතුටක් බවත් භානුක සිය හැකියාවන් පෙන්වමින් සිටින බවත්ය.
It's no secret that we have had a few misunderstandings in the past coach, @Mickeyarthurcr1 but I'm so glad we managed to move on from them and deliver on the field. Thank you for your honesty and guidance. Wishing you nothing but the very best.❤️ https://t.co/2r2UBwJ4QS pic.twitter.com/Ce7HxVyHBM
— Bhanuka Rajapaksa (@BhanukaRajapak3) November 17, 2021
I am so glad that you are delivering on your amazing talent and loved working with you!I just want to see you be the best you can be...keep on this path and the world is your oyster!
— Mickey Arthur (@Mickeyarthurcr1) November 17, 2021