මැතිව්ස්ගේ තීරණය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්


ඉන්දීය තරගාවලිය සදහා නම් කර ඇති මූලික සංචිතයට ඇන්ජෙලෝ මැතිව්ස්  ඇතුළත්ව සිටි නමුත්, තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටි​යේ.

නැවත දැනුම් දෙන තුරු පෞද්ගලික හේතූන් මත මැතිව්ස් එම ඉල්ලීම සිදු කර ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.

මේ අතර තරග සංචාර කොන්ත්‍රාත්ව ඉදිරිපත් කළ ක්‍රීඩකයන් අතරින් ඇන්ජලෝ මැතිව්ස් හැරෙන්නට අනෙක් ක්‍රීඩකයන් 29 දෙනාම අත්සන් කර ඇති බවද ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.



Recommended Articles