මැතිව්ස් 12 වැනි ටෙස්ට් ශතකය ලබයි


බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍ රීලංකා කණ්ඩායම වෙනුවෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට සමත්විය. මේ අනුව ඔහු සිය ටෙස්ට් දිවියේ ලකුණු 6500 සීමාවද ඉක්මවා ගියේය.

කාසියේ වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට පන්දුවාර 90කදී කඩුලු 4  ලකුණු 258ක් රැස්කරගෙන සිටියි.

ඇන්ජලෝ මැතිව්ස් 114* හා දිනේෂ් චන්දිමාල් 34* නොදැවි කඩුල්ලේ රැඳී සිටිති.

ඕෂධ ප්‍රනාන්දු 36, දිමුත් කරුණාරත්න 09, කුසල් මෙන්ඩිස් 54, ධනංජයද සිල්වා 6 දැවී ගිය පිතිකරුවෝ වෙති. බංග්ලාදේශය වෙනුවෙන් නයීම් හසන් ලකුණු 73ට කඩුලු 2ක් දවාගත්තේය.  

 



Recommended Articles