මාලිංගගේ කණ්ඩායමේ චන්දිමාල් නැහැ


දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට (02) සිට ආරම්භ වෙයි. සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඔහු​ගේ යූටුයිබ් නාලිකාවේ වීඩියෝවක් මගින් ඔහු​ගේ කණ්ඩායම නම් කර තිබිණි. ලසිත් මාලිංග විසින් නම් කර කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්ට අවස්ථාවක් හිමිව නැහැ.

ලසිත් මාලිංග විසින් නම්ක​ල කණ්ඩායම - 1. අවිශ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක, 3. භානුක රාජපක්ෂ, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක, 7. වනිදු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. අකිල ධනංජය, 10. දුෂ්මන්ත චමීර, 11. පුලින තරං​ග

දෙරට අතර පළමු එක්දින තරඟය හෙට පස්වරු 3.00ට දිවා-රාත්‍රී තරඟයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.



Recommended Articles