මහේෂ් තීක්ෂණගේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක්


සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ තමන් යොමුකළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත්විය.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මේ වන විට සාර්ථකම පිතිකරුවා බවට පත්ව තිබෙන ජී. මාලන් දවා ගනිමිනි.

කෙසේ වෙතත් මෙම දක්ෂතාව මීට පෙර ශ්‍රී ලංකා පන්දු යවන්නන් තිදෙනෙකු විසින්ම පෙන්වා තිබුණි.

චරිත බුද්ධික - 2001 - සිම්බාබ්වේට එරෙහිව

කෞෂල්‍ය ලොකුආරච්චි - 2002 - කෙන්යාවට එරෙහිව

තිලාන් තුෂාර - 2007 - කොදෙව්වන්ට එරෙහිව



Recommended Articles