මහානාම ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් අස්වෙයි


හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි. තිබෙනවා. පුද්ගලික හේතූන් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පිතිකරු අරවින්ද ද සිල්වා පත් කර ඇති අතර කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර කටයුතු කරනු ලැබීය.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම කමිටුව පත් කළේය. මෙම කමිටුවේ මූලික කාර්යභාරය වූයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කටයුතු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට උපදෙස් දීමයි.



Recommended Articles