අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය අපරාජිකත්වය තවදුරටත් රදවා ගැනීමට මහනුවර රග්බි කණ්ඩායම සමත්විය. ඒ තරගාවලියේ පළමු අදියරේ අවසන් තරගයෙන් හැව්ලොක් කණ්ඩායම පරදා ලකුණු 22-12 ක ජයක් හිමිකර ගනිමිනි. කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ඉදිිරියෙන් සිටි මහනුවර ක්‍රීඩකයෝ 12-05 ක් ලෙස එහිදී ඉදරිියෙන් පසුවීමට සමත්වූහ. මෙවර තරගාවලියේ පළමු අදියරේදී තරග 7 කට සහභාගි වූ මහනුවර ක්‍රීඩකයෝ ඉන් තරග 7 ක් ජය ගැනීමට සමත්විය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය