එක්දින ලෝක කුසලානය පවතින අවස්ථාවක කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම හොඳ තීරණයක් නොවෙනු ඇති බවත් දසුන් ශානක තවදුරටත් නායකයා ලෙස කටයුතු කළ යුතුව ඇති බවත් හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි.
“දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වගකීම ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩා ලෝලීන්ට දුෂ්කර කාල පරිච්ජේදයකදී භාරගත් අතර, ඔහුගේ සන්සුන් හා සාමූහික ප්‍රවේශය සමඟ ජාතික කණ්ඩායමට ස්ථාවරත්වය සහ ගෞරවය ගෙන ඒමට සමත් විය.
ආසියානු කුසලානය ඇතුළු ආකර්ෂණීය නායකත්ව වාර්තාවක් සමඟින් සහ ප්‍රතිවාදී කණ්ඩායම කුමක් වුවත් වාර්තාගත එක්දින තරග ජයග්‍රහණ මාලාවක් සමඟින්, 2023 එක්දින ලෝක කුසලානය සඳහාද ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වනු ඇතැයි මා ඇතුළු සියලු දෙනාම අපේක්ෂා කරනවා.
නව නායකයෙක් සමග මෙවැනි වැදගත් තරඟාවලියකට යාම අනිවාර්යයයෙන්ම කණ්ඩායමට උදව්වක් නොවෙනු ඇත. තීරණයක් ගැනීමට පෙර පාර්ශවකරුවන් මේ සියල්ල සැලකිල්ලට ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. සාර්ථක ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් මම දස්සාට හා කණ්ඩායමට සහාය දෙමි”