මම තවමත් ඔබව විශ්වාස කරනවා මතීෂ - මාලිංග


සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ මතීෂ පතිරණ පන්දුවාර 4කදි ලකුණු 24ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූ අතර. විශේෂයෙන්ම ඔහු ‌තරගයේ යොමුකළ 19 වැනි පන්දුවාර තරගය වෙනස් කළ පන්දුවාරය විය.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේදි මතීෂට දක්ෂතා අතරට පැමිණිමට නොහැකි වූ අතර ඒ් අනුව ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමිවිය.

ඒහිදී මාලිංග සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයක් කරමින් පැවැසුවේ මතීෂ මම ඔබ සමගයි. ඔබව විශ්වාස කරනවා'  යනුවෙනි. ඔහු මෙම සටහන 2023 ඔක්තෝබර් මස 11 වැනි දින තබා තිබුණි.

මාලිංගගේ මෙම විශ්වාසය සාධාරණීකරණය කළ මතීෂ ඉන් මාස පහකට පසුව සුවිශේෂී දක්ෂතා  දක්වමින් ශ්‍රී ලංකාවට තරග ජයග්‍රහණයක්ද ගෙන දුන්නේය.

අද පැවැති තරගයෙන් අනතුරුවද මාලිංග සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කළේ 'මතීෂ මම තවමත් ඔබව විශ්වාසකරනවා' යනුවෙනි.



Recommended Articles