(UPDATE) ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයෙන් කඩුලු පහක ජයක් වර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණ 164කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ලකුණු 165ක ඉලක්කය පන්දුවාර 39කදී කඩුලු පහක් පමණක් වැය කර පසුකර යාමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.
චරිත් අසලංක (64*) හා සදීර සමරවික්‍රම (54) හතර වැනි කඩුල්ලට සාර්ථක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය.
තරගයේ වීරයා ලෙස මතීෂ පතිරණ සම්මාන ලැබීය.
ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර නුවර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 164ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නේ සමත්වූහ.
මෙහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පන්දුවාර 7.4කදී ලකුනු 32ට කඩුලු 4ක් දවා ගැනීමට සිමත්විය. මහීෂ් තීක්ෂණ පන්දුවාර 8කදී ලකුනු 19ට කඩුලු දෙකක් දවාගත්තේය. මීට අමතරව ධනංජය ද සිල්වා, දසුන් ශානක හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූ නජ්මුල් සැන්ටෝ ලකුනු 89ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිම මෙන්ම බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් හා මුෂ්ෆිකාර් රහීම් යන පිතිකරවන්ගේ ඉනිම් අවසන් කිරීමට මතීෂ පතිරණ සමත්විය.