භානුකට අත්හිටවූ ක්‍රිකට් තහනමක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක අත්හිටවූ ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

එමෙන්ම ඔහුට එරෙහිව අමෙරිකානු ඩොලර් 5,000ක දඩයක් ද පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.

මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලට එක්වෙමින් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් උල්ලංඝනය කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබද කෙරුණු විමර්ශනයකින් පසුව අදාළ දඩුවම පනවා ඇත.

කෙසේ නමුත් ඉදිරි තරගාවලි වෙනුවෙන් කොළඹ දී ජෛව ආරක්ෂි බුබුලකට ඇතුළත්ව ඇති ක්‍රීඩකයින් 13 දෙනා අතරට භානුක රාජපක්ෂ ද ඇතුළත් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ති​බේ.

 



Recommended Articles