බට්ලර් තරගවලියෙන් ඉවත​ට


ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ට අහිමි වී ති​බේ.

දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස තෙවැනි 20යි 20 තරගය සහ එක්දින තරග 3 අහිමි වී තිබේ.

ශ්‍රී ලංකාව සමග පසුගියදා පැවැති පළමු 20යි 20 තරගයේ දී ජොස් බට්ලර් මෙම ආබාධයට ලක් වි​ය.

ඒ අනුව ඔහු වෙනුවට ඩාවිඩ් මලාන් එක්දින සංචිතයට කැදවා ති​බේ.



Recommended Articles