බංග්ලාදේශ තරගාවලියට ලංකා සංචිතය නම් කරයි


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ කුසල් මෙන්ඩිස්ට අවස්ථාව හිමිව නොමැත. එසේම ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට එක්ව තිබේ.

සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, ධනංජයද සිල්වා, රොෂේන් සිල්වා, සුරංග ලක්මාල්, වනිඳු හසරංග, විශ්ව ප්‍රනාන්දු, රමේෂ් මධුශංක, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර,පැතුම් නිශ්ශංක, දිල්ශාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම



Recommended Articles