ඩයලොග් අන්තර්සමාජ ලිග් රග්බි තරගාවලියේ යුද හමුදා කණ්ඩායම පරදා ලකුණු 47-31 ක ජයක් වාර්තා කිරීමට පොලිස් කණ්ඩායම සමත්විය. මෙම තරගය කොළඹ පොලිස් පිටියේදි පැවැත්විණි. තරගයේ පළමු අර්ධයේ පටන් දැඩි තරගකාරී ආකාරයක් දිස්වූ අතර කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවනි ආකාරයෙන් තරග වදින්නට විය. කෙසේ වෙතත් පළමු අර්ධය අවසන් වන විට පොලිස් කණ්ඩායම 33-19 ක් ලෙසින් ඉදිරියට පැමිණියහ. දෙවැනි අර්ධයේදී පොලිස් කණ්ඩායම තවත් ලකුණු 14 ක් සිය ලකුණු පුවරුවට එක් කර ගන්නා විටදී යුද හමුදාවට රැස් කර ගත හැකි වූයේ ලකුනු 12 ක් පමණි. ඒ අනුව මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුනු සටහනේ සිය තෙවැනි ස්ථානය ආරක්ෂා කර ගැනිමට පොලිස් කණ්ඩායම සමත්විය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය