පොදු රාජ්‍ය මණ්ඩලයීය පළමු පදක්කම ඉසුරුගෙන්


මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනාදීමට බබර ඉසිලීමේ ක්‍රීඩක ඉසුරු කුමාර සමත්විය.

බර්මින්හැම්හි පැවැත්වෙන තරගාවලියේ පිරිමි කිලෝග්‍රෑම් 55 කාණ්ඩයෙන් ඔහු ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.

මෙම ඉසව්වේ රන් පදක්කම මැලේසියාවේ මොහොමඩ් අනික් බින් කස්දාන් හිමිකර ගත් අතර රිදී පදක්කම ඉන්දියාවේ සංකේත් සර්ගාර් දිනා ගත්තේය.

කුමාර ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේදී කිලෝග්‍රෑම් 120ක් ඔසවමින් මුළු ලකුණු 225ක් ලබා ගත්තේය.



Recommended Articles