පෙරලිකාර පොලිසිය එෆ්. ඒ කුසලානයේ අවසන් මහා තරගයට


කළුතර බ්ලූ ස්ටාර් කණ්ඩායම පරාජයට පත් කරමින් මෙවර එෆ්. ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පොලිස් කණ්ඩායම සමත්විය. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළය අවසනදී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත්වූ බැවින් ජයග්‍රාහකයා තෝරා ගැනීම දඩුවම් පහර මගින් තීරණය විය. ඒ අනුව පොලිස් කණ්ඩායම දඩුවම් පහර 4 ක් සාර්ථක කර ගනිද්දී ප්‍රතිවාදී බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් සාර්ථක කර ගත්තේ දඩුවම් පහර 2 ක් පමනි.

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles