ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම පෙබරවාරි 15දාට ප්‍රථම ඉවත් කිරීමට හැකියාවක් ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මීළඟ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් ලංකාව පිළිබඳව කැපවීම සඳහන් කරමින් සූම් හරහා අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරන බවට අයි.සී.සී. ජෙෆ් බිෂොෆ් මහතා සඳහන් කළ බවද අමාත්‍යවරයා පැවැසීය.