පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමි ක්‍රිකට් නිලවරණයට


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අද සිය නාමයෝජනා භාර දී ඇ​ත.

උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් උන්වහන්සේ නාමයෝජනා භාර දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සඳහා ලබන මැයි 20 වන දින නව නිලධාරි මඩුල්ලක් තෝරා පත් කර ගැනීමට නියමිතව ඇත.



Recommended Articles