පාකිස්ථානු එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු බාබර් අසාම් පත් කොට ඇත. පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඒ බව අද (13දා) නිවේදනය කොට ඇත. පන්දුවාර 20 පිතිකරු ශ්‍රේණිගත කිර්ම්හි ලොව අංක එකේ ස්ථානයේ පසුවන බාබර් අසාම් මීට පෙර එරට පන්දුවාර 20 නායකත්වය හිමිවී තිබිණ. කෙසේ වෙතත් පාකිස්ථානු ටෙස්ට් නායකත්වය සුපුරුදු පරිදි අසාර් අලිට ලැබී තිබේ. මේ අතර පාකිස්ථානු කණ්ඩායමේ හිටපු නායක බාබර් අසාම් මෙම නව කොන්ත්‍රාත්තු ලැයිස්තුවේ ඉහළම ක්‍රීඩකයින් සිටින ‘ඒ’ කාන්ඩයේ සිට ‘බී’ කාණ්ඩයමට පසු බැස්සවීමට ක්‍රියා කොට ඇත. පාකිස්ථානු ටෙස්ට් නායක අසාර් අලි එහි ‘බී’ කාණ්ඩයේ සිට ‘ඒ’ කාණ්ඩයට උසස් කොට ඇත.
පාකිස්ථානු එක්දින කණ්ඩායමේ නායකත්වය බාබර් අසාම්ට
Recommended Articles