පාකිස්තානයට එරෙහිව එක්දින පිටියේ දැවැන්තම ජය ඉන්දියාව වාර්තා කරයි


පාකිස්තානයට එරෙහිව එක්දින තරග ඉතිහාසයේ සිය දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්වූයේය. ඒ ආසියානු කුසලාන තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයෙන් ලකුණු 228ක ජයක් වාර්තා කරමිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 356ක් රැස්කිරීමට සමත්වුුයේය. පිළිතුු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 32කදී සියලු දෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 128ක් පමණි.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් කුල්දීප් යාදව් ලකුණු 25ට කඩුලු 5ක් දවා ගත්තේය. තරගයේ වීරයා ලෙස විරාත් කෝලි සම්මාන ලැබීය.


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 356ක් රැස් කිරීමට සමත්විය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණ ලකුණු 233 ක සබඳතාවක් පන්දු 194කදී පිහිටුවීමට විරාත් කෝලි (122*) හා ලෝකේෂ් රාහුල් (111*) සමත්වූහ.



Recommended Articles