පාකිස්තානය පරදා ඔස්ට්‍රේලියාව අවසන් මහ තරගයට


විස්සයි20 ‌ලෝක කුසලාන තරගාවලියේ  ප්‍රභල පාකිස්තාන කණ්ඩායම කඩුලු 5කින් පරාජයට  පත්කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම  පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 176/4ක් රැස්කිරිමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 5ක් දැවි ලකුණු 177ක් රැස්කරමින් ඉලක්කය පසුකර ගියේය.

ඔස්ට්‍රේලියාවේ කඩුලු රකින ක්‍රිඩක මැතිව් වේඩ් පන්දු 17කදී වේගවත් ලකුනු 41ක් රැස්කරමින් ඔස්ට්‍රේලියාවේ ජය තහවුරු කළේය.

 

 



Recommended Articles