පාකිස්තාන හා නේපාල ක්‍රිකට් කණ්ඩායම් එයි - කටුනායක ආරක්ෂාවත් තර කරයි


 ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම් දෙක 08/31 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් පකිස්තානයේ මුල්ටන් (Multan) සි00ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 1230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළුව 80 දෙනෙකු පමණ පිරිසක් පැමිණ සිටියහ. 

ඔවුන් වෙනූවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් සපයා තිබූ අතර විශේෂ ආරක්ෂක රිය පෙළක් මගින් මහනුවර පල්ලෙකැලේ වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

එළඹෙන 09/02 දින පකිස්තානය සහ ඉන්දියාව අතර තරගයත් , 09/04 දින ඉන්දියාව සහ නේපාලය අතර තරගයත් පැවැත්වීමට නියමිතය .



Recommended Articles