ප්‍රවීන් ජයවික්‍රම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම​ට


ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන්  ​ද​ඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.

එල්.පී.එල් තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ඔහු ඇතුළු ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් හිමිකරුවන් විසින් තෝරා ගෙන නොතිබුණි.

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු ඇතුළුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් සියලු කණ්ඩායම් වෙත යොමු කළේ ඉන් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් තෝරා ගැනීම සියලු කණ්ඩායම් වෙත අනිවාර්යය කරමින්ය.



Recommended Articles