පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට


සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටියේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 198කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

ඇෆ්ගනිස්ථානයේ රහමත් ෂා ලකුණු 91ක් රැස්කළත් සෙසු පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ඉනිම ලකුණු 198ට සීමා විය.

අසිත ප්‍රනාන්දු ලකුණු 24ට කඩුලු 3ක්ද, විශ්ව ප්‍රනාන්දු ලකුණු51ට කඩුලු 4ක්ද, ප්‍රභාත් ජයසූරිය ලකුණු 67ට කඩුලු 3ක්ද දවා ගැනීමට සමත්වූය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නිශාන් මධුශංක 36* හා දිමුත් කරුණාරත්න 42* නොදැවී පිටියේ රැදී සිටින්නේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 80ක් දක්වා රැගෙන යමිනි. 



Recommended Articles