පළමු දිනය නිමාවන විට කොදෙව්වන් 287-7


සත්කාරක කොදෙව් කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සත්කාරක කොදෙව් කණ්ඩායම පන්දුවාර 86කදී කඩුලු 7 ලකුණු 287ක් රැස්කරගෙන සිටියි.

කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වෙයිට් පන්දු 239කට මුහුණ දෙමින් ලකුණු 99ක් රැස්කරගෙන නොදැවී පිටියේ රැඳී සිටියි.

 අටවැනි පිතිකරු ලෙස පිටියට පැමිණි රඛීම් ක්‍රොන්ලේ පනදු 54කදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 43ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියි.

සුරංග ලක්මාල් කඩුලු 3ක් දවා ගැනීමට සමත්වූ අතර විශ්ව, ඇඹුල්දෙණිය, චමීර හා ධනංජය එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වූහ.



Recommended Articles