නොවැක්ගේ අභියාචනය පරදියි - ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල්


ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට පැමිණි නොවැක් ජොකොවිච්ට එම තරගාවලියට ක්‍රීඩා කිරීමකින් තොරව ඔස්ට්‍රේලියාවෙන් පිටව යෑමට සිදුව තිබේ.

ඒ ඔහුගේ වීසා අවසර පත්‍රය ඔස්ට්‍රේලියානු බලධාරීන් විසන් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔහු ගොනු කළ අභියාචනය ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනිත

මේ අනුව නොවැක්ව රටින් පිටුවහල් කරන ලෙස අධිකරණය නියම කර තිබේ. නඩු තීන්දුව ප්‍රකාශයට  පත්කිරීමෙන් පසුව නොවැක් නිවේදනය කළේ එම තීන්දුව පිළිබඳව තමන් කනගාටුවන නමුත් තීන්දුවට ගරු කරන බවයි.

ඒ අනුව තමන් ඔස්ට්‍රේලියාවෙන් පිටව යෑමට කටයුතු කරන බව ඔහු පැවැසීය.



Recommended Articles