නාවුකයෝ පළමුවරට ජයපැන් බොති


ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට නාවුක හමුදා කණ්ඩායම සමත්විය. ඒ ගුවන් හමුදා කණ්ඩායම පරදා ලකුනු 24-14 ක් ලෙසිනි. තරගාවලියේ පස්වැනි සතියේ තරගයක් ලෙස මෙය පැවැත්විණි. වැලිසර නාවුක හමුදා පිටියේදී පැවැති තරගයේ පළමු අර්ධය නිමා වන විට ගුවන් හමුදාව 14-12 ක් ලෙස ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී සිය පෙරමුණ රදවා ගැනිමට ඔවුන් අසමත්වූහ. ජයග්‍රාහී නාවුක හමුදාව ගෝල දිනුම් දෙකක් හා උත්සාහක දිනුම් 2 ක් ආධාරයෙන්ද ගුවන්හමුදාව ගෝල දිනුම් දෙකක් ආධාරයෙන්ද ලකුනු රැස් කළහ.

 

ඡායාරූප - ඕෂිත වරකපිටිය



Recommended Articles