ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදාව පරදා ලකුණු 25-18 ක ජයක් හිමිකර ගැණීමට හැව්ලොක් කණ්ඩායම සමත්විය. කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදි පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දි නාවික හමුදාව ලකුණු 11-10 ක් ලෙස ඉදිරියට පැමිණීමට සමත් වුවද දෙවැනි අර්ධයේදී විශිෂ්ඨ ක්‍රීඩා රටාවක නිරත වූ හැව්ලොක් ක්‍රීඩකයෝ තවත් ලකුණු 15ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත්තේ නාවික හමුදාව ලකුණු 07 කට සීමා කරමිනි. ජයග්‍රාහී හැව්ලොක් උත්සාහක දිනුම් 5 ක්ද නාවික හමුදාව ගෝල දිනුමක් , උත්සාහක දිනුමක් හා දඩුවම් පහර 2ක් බැගින්ද රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය