නාවික හමුදාව සී.ආර් හමුවේ දෙවැනි වතාවේත් අසාර්ථකයි


අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය ආරම්භ කරමින් පැවති තරගයකින් ජය වාර්තා කිරිමට සී.ආර්. කණ්ඩායම සමත්විය. ඒ නාවික හමුදා කන්ඩායම පරදා ලකුනු 23-19 ක් ලෙසිනි. වැලිසර නාවික හමුදා පිටියේදී මෙම තරගය ඊයේ (25දා) සවස පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වද්දී නාවික හමුදා කණ්ඩායම ලකුනු 14-08 ක් ලෙසින් ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී එය පවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය.  තරගාවලියේ පළමු වටයේදීද නාවික හමුදාව පරදා ජය ලැබීමට සී.ආර් සමත්විය.

ඡායාරූප - ඕෂිත වරකපිටිය



Recommended Articles