නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය ලංකාව දිනයි


කුසල් මෙන්ඩිස් එක් අන්තයක් ආරක්ෂා කරමින් දියත් කළ සටන්කාමී ඉනිමත් පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහරදීමෙන් මහීෂ් තික්ෂණ දැක්වූ දක්ෂතාවත් සමගින් නවසීලන්තයට ඒරෙහි එක්දින තරගාවලිය තව්ත් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

නවසීලන්තය රැස්කළ ලකුණු 209ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් ඉතිරිව තිබියදි ජය ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රි ලංකා ඉනිමේ කඩුලු දැවී යද්දී කුසල් මෙන්ඩිස් සිය අන්තය ආරක්ෂා කරමින් පන්දු 102කදී ‌‌නොදැවී ලකුණු 74ක් රැස් කරමින් ශ්‍රි ලංකා කණ්ඩායමේ  ජය තහවුරු කළේය.

අටවැනි කඩුල්ල වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා කුසල් මෙන්ඩිස් නොබිඳුණ ලකුණු 47ක සබඳතාවක් පවත්වමින් තරගය ජයග්‍රහණය කළේය.



Recommended Articles