නවසීලන්තය හමුවේ ඉන්දියාව ලද පරාජය


ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (20දා) සමත් විය.

ජයග්‍රාහී ලකුණු 107ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 110ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුනු 46ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 402ක් රැස් කළහ.

අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 462ක් රැස් කළ අතර, ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ලකුණු 107ක ඉලක්කයක් හිමි විය. 



Recommended Articles