ධනුෂ්ක වෙනුවෙන් ක්‍රිකට් ආයතනය දැනටමත් ලක්ෂ 96ක් වියදම් කරලා


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක නඩු විභාගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන වට ඔස්ට්‍රේලියානු ඩොලර් 380000ක් (ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ 96ක්) පමණ ගෙවා ඇතැයි ඩේලි මිරර් පුවත් සේවය පවසයි.

කාන්තාකට අතවර කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ සිඩ්නි පොලීසිය මහගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිට ධනුෂ්ක ගුණතිලකට ඊයේ දැඩි කොන්දේසි සහිත ඇප නියම විණ.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් තවදුරටත් අවශ්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තිරණය කර තිබේ.

 



Recommended Articles