ඔස්ට්‍රේලියාවේදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන සැප්තැම්බර් 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය අද (21දා) ප්‍රකාශ කළේය.
එම අධිකරණයේදී පැවැතිඅදාළ නඩු විභාගයේ අවසන් නඩු වාරය අවසානයේදී තීරණය දැනුම් දෙමින් විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
2022 වසරේදී ඔස්ට්‍රේලියාවේදී පැවැති පන්දු වාර 20ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේදී ධනුෂ්ක ගුණතිලක ටින්ඩර් ඇප් වැඩසටහන හරහා හඳුනාගත් 29 හැවිරිදි තරුණියක ලිංගික අපයෝජනයට ලක් කළ බවට එරට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව, සිඩ්නි පොලිසිය 2022 වසරේ නොවැම්බර් මස 6 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුළදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත්තේ ය.ඔහු සිඩ්නිහි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටියේය.පසුව, දැඩි කොන්දේසි මත ඔහු 2022 නොවැම්බර් මස 17 වනදා ඇප මතමුදා හරිනු ලැබුණි.