වසර 12 කට පසු ඒෆ්. ඒ කුසලානය තමන් සතු කර ගැනීමට පොලිස් කණ්ඩායම සමත්විය. ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී සෝන්ඩර්ස් කණ්ඩායම තියුනු තරගයකින් පසු පරාජයට පත් කරමිනි. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළයේ දෙවැනි අර්ධයේදී ගෝල 1 බැගින් රැස් කිරීමට කණ්ඩායම් දෙකම සමත්වූ අතර ඒ අනුව තරගයේ කාළය අවසන් වූයේ කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියදීය. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා දඩුවම් පහර මගින් තීරණය කිරීමට විනිසුරුවන් ක්‍රියා කළ අතර එහිදී දඩුවම් පහර 6-5 ක් ලෙසින් ජය ගැනීමට පොලිස් කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකාවේ දැවැන්තම පාපන්දු තරගාවලිය වන එෆ්. ඒ කුසලානය, පොලිස් කණ්ඩායම විසින් මීට පෙර අවසන් වරට ජය ගත්තේ 2008 වර්ෂයේදීය. කෙසේ වෙතත් තරගාවලියේ වැඩිම ශූරතා ප්‍රමාණයකට(17) හිමිකම් කියනා සෝන්ඩර්ස් කණ්ඩායම අනුශුරතාව දිනාගත්තේ අඛණ්ඩව දෙවැනි වතාවටය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය