දුනිත්ගෙන් ශතකයක් - දකුණු අප්‍රිකාවට එරෙහිව දැවැන්ත ජයක්


බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක ශූරතාවලියේ පළඟ ශූරතාව වෙනුවෙන් දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 65ක ජයක් හිමිවිය.

අවසන් පූර්ව තරගයෙක් ලෙසින් මෙම තරගය පැවැති අතර මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 232/6ක් රැස්කිරීමට සමත්විය.

නායක දුනිත් වෙල්ලලගේ විශිෂ්ට පිතිහරඹයක නිරත වෙනිමින් පන්දු 130කදී ලකුණු 113ක් රැස්කළේය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 37.3කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 167ක් පමණි.

 

 



Recommended Articles