දුනිත් වෙල්ලාලගේට ටෙස්ට් වරම්


පාකිස්තානය හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ. ඒ අනුව ඔහුට අද දිනයේදී ටෙස්ට් වරම් හිමිවිය.

වෙල්ලාලගේට හිමි ටෙස්ට් තොප්පිය අද දිනයේදී සිය 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් විසින් ලබාදුන්නේය.

එසේම ඇන්ජලෝ මැතිව්ස්ගේ 100  වැනි තරගය හේතුවෙන් ඔහුට හිමි ටෙස්ට් තොප්පිය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් විසින් ලබාදුන්නේය. ඇන්ජලෝ මැතිව්ස් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම ඔහු සිය 100 වැනි ටෙස්ට් තරගයටත් ක්‍රිඩා කරයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තිරඹනය කළේය.

 



Recommended Articles