දිමුත් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට


නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පිතිකරණ අංශයේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත.

මීට පෙර ඔහු ශ්‍රේණිගත කිරීම්හි 11 වන ස්ථානයේ රැදී සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි දිමුත් මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4කින් ඉදිරියට පැමිණ ඇත.

දිමුත්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 772ක්.



Recommended Articles