දිනය නිමාවේදී ලංකාව 229-4


සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස්කරගෙන සිටියි.

ඇන්ජලෝ මැතිව්ස් 107* හා නිරෝෂන් දික්වැල්ල 19* පිටියේ රැඳී සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 7 දී කඩුලු දෙකක් දැවී අසීරු තත්ත්වයක සිටින විට තිරිමාන්න (43) මැතිව්ස් සමග හා මැතිව්ස් චන්දිමාල් (52) සමගත් එක්ක ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැංවූහ.

කුසල් පෙරේරා ලකුණු 6කටත් ඕෂධ ප්‍රනාන්දු ලකුණු නොලබාත් දැවී ගියහ.

ජේම්ස් ඇන්ඩර්සන් කඩලු තුනක් හා මාක් වුඩ් එක් කඩුල්ලක් දවා ගත්හ.



Recommended Articles