දික්වැල්ලගේ තරග තහනම අවසන්


මත්ද්‍රව්‍ය භාවිත කිරිමේ චෝදනාවට වරදකරු වී වසර තුනක ක්‍රිකට් තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ එම තහනම අවසන් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

අදාළ තරග තහනම සම්බන්ධයෙන් ඔහු යොමුකළ අභියාචනාවක් අනුව මෙම තීරණය ගෙන තිබේ. එහිදී දික්වැල්ලට පැනවූ වසර තුනක ක්‍රිකට් තහනම මාස තුනක් දක්වා අඩුකර තිබේ.

ඒ අනුව සැප්තැම්බරයේදී ඔහුට ක්‍රිකට් තහනමක් පනවා තිබූ අතර මාස තුනක් එය ක්‍රියාත්මක වීම හේතුවෙන් දික්වැල්ලට පනවා තිබූ තරග තහනම ඉවත් වෙනු ඇත.

ඒ අනුව ඔහුට සියලුම ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙයි. මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේදී ගාලු කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ දික්වැල්ලගෙල් ලබාගත් මුත්‍රා සාම්පලවල ඔහු කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කර තිබූ බවට තහවුරු විය.



Recommended Articles